‘කොවිඞ් 19’ අඩපණ කරන්න උණුසුමට පුළුවන්
‘කොවිඞ් 19’ වයිරසය මර්දනය කිරීමට උණුසුම් කාලගුණයට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ නමුත්, වියලි කාලගුණයට වයිරසය මුළුමනින්ම විනාශ කළ නොහැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි.
මේ වනවිට උතුරු අර්ධ ගෝලයට අයත් රටවල කාලගුණය උණුසුම් වීමට පටන්ගෙන ඇති බැවින්, ‘කොවිඞ් 19’ වයිරසයේ ව්‍යාප්තිය අඩපණ වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
උතුරු අර්ධ ගෝලයට අයත් වන රටවල් වන්නේ යුරෝපා රටවල්, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, චීනය, ඉන්දියාව, කසක්ස්තානය, ඇල්ජීරියාව, සෞදි අරාබිය ආදියයි. දකුණු අර්ධ ද්වීපයට අයත් වන්නේ ලතින් ඇමෙරිකා රටවල්, අප්‍රිකා රටවල්, මැඩගස්කරය, ඕස්ටේ්රලියාව, නවසීලන්තය ඇතුළු ආසියානු රටවල්ය. (ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් උතුරු සහ දකුණු අර්ධ ගෝලයට මැදින් පිහිටා ඇත.)
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු අර්ධ ගෝලයට අයත් රටවලටය. දෙසැම්බර් සිට ජූනි දක්වා උතුරු අර්ධ ගෝලයේ පවතින්නේ සීතල, තෙතමනය පිරි කාලගුණයකි.
මෙම කාලයේ උතුරු අර්ධ ගෝලයට අයත් රටවල ස්වසන රෝග, වයිරස ආසාදන බහුලය. ඒ අතරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ද ඉවක් බවක් නොමැතිව ව්‍යාප්ත විය. සාමාන්‍යයෙන් මෙම කාලයේ පැතිර වන වයිරස වසංගත උණුසුමත් සමඟ පහවී යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ උණුසුමත් සමඟ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙනු ඇති බවය.
ජිනීවාහිදීය (රොයිටර්)

