‘ඉයන්’ ෆ්ලොරීඩා ප්‍රාන්තය කලඹයි



කාලගුණ විද්‍යාඥයන්, ‘ඉයන්’ යන නමින් නම් කළ හරිකේන් සුළි කුණාටුව, මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදුණි.

ඇමෙරිකන් ජාතික හරිකේන් සුළි කුණාටු අනතුරු ඇඟවීමේ ඒකකය අනතුරු අඟවමින් කියා සිටියේ, ‘ඉයන්’ ප්‍රචණ්ඩත්වය අතින්, ප්‍රචණ්ඩත්වට වැඩිම සිවුවැනි කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් බවය.

දශක ගණනාවකින් පසු ඇමෙරිකාවට කඩා වැදුණු බිහිසුණුම සුළි කුණාටුව ලෙස ‘ඉයන්’ හඳුන්වා දීමට කාලගුණ විද්‍යාඥයන් පියවර ගෙන තිබේ.

‘ඉයන්’ සුළි කුණාටුව කඩා වැදුණේ ෆ්ලොරීඩාවේ දකුණුදිග පළාත් හරහා රට තුළට ඇතුළු වූයේ ‘කායෝ කොස්තා’ නමැති කුඩා දූපත හරහා, ඒ, ඇමෙරිකාවේ වේලාවෙන්, සවස 9 ට පමණි. ‘ඉයන්’ සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 240 ක් බව ද පැවැසෙයි.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට දකුණු හානි සිදුවී ඇති බවත්, ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති බවත් පැවැසෙයි. විදුලිබල සැපැයුම අඩපණ වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ෆ්ලොරීඩාවේ නිවාස සහ ගොඩනැගිලි මිලියන 1.1 කට විදුලිය බලය අහිමි වී ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS