‘ඉන්දියාව වර්ජනය කරමු’ බංග්ලාදේශයෙන් විරෝධයක්



රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් කීපයක් හේතුවෙන්, ඉන්දීය නිෂ්පාදන වර්ජනය කළ යුතු යැයි බංගාලදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එරට වැසියන්ට බල කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

විපක්ෂයේ මෙම ‘ඉන්දීය නිෂ්පාදන වර්ජනය’ සම්බන්ධයෙන්, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, මාධ්‍ය හමුවක් පවත්වමින්, එරට ප්‍රධාන විපක්ෂය වන ‘බංග්ලාදේශ ජාතික පක්ෂයට’ දොස් නැගුවාය. 

‘බංග්ලාදේශ ජාතික පක්ෂ නායකයන් උත්සාහ ගන්නවා, ඉන්දීය නිෂ්පාදන වර්ජනය කරන්න. එසේ නම් ඔවුන් පළමුවෙන්ම කළ යුත්තේ, ඔවුන්ගේ බිරියන් අඳින සාරි විසි කර දැමීමයි. හේතුව, ඒ සාරි අප රටට එන්නේ ඉන්දියාවෙන්’ යැයි ෂෙයික් හසීනා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ ඇගේ දේශපාලන පක්ෂය ඉන්දීය හිතවාදීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අගමැතිනී ෂෙයික් හසීනා අතරේ පවතින්නේ යහපත් මිත්‍රත්වයකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS