ෆින්ලන්තයට ස්වීඩනයට තර්ජන

රුසියාව, ෆින්ලන්තයට මෙන්ම ස්වීඩනයට ද තර්ජනය කර ඇත. ඒ, ෆින්ලන්තය සහ ස්වීඩනය යුක්රේනය මෙන් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා ඇති බැවිනි.
යුක්රේනය මෙන්ම ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ හිතවාදී රාජ්‍යයන් වන නමුත් නේටෝ සාමාජිකයන් නොවෙයි. යුක්රේන අර්බුදය හමුවේ ෆින්ලන්තය සහ ස්වීඩනය ද නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට උනන්දු වෙයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ෆින්ලන්තයට මෙන්ම ස්වීඩනයට ද අනතුරු අගවමින් පවසා ඇත්තේ ඔවුන් නේටෝ සාමාජිකයන් වුවහොත් බරපතල ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
(ඩේලිමේල්)

