ෆ්ලොරෙන්ස් පෘථිවිය අසලින් යයි



කිලෝ මීටර් 4.4 ක් (සැතපුම් 2.7 ක්) පළල දැවැන්ත ග්‍රහකයක් අද (1) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය.

ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වී, එය පෘථිවියේ ගැටුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥයෝ බිය පළ කරති.

‘ෆ්ලොරෙන්ස්’ ග්‍රහකය ගමන් කරනු ඇතැය් පැවැසෙන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 7 ක (සැතපුම් මිලියන 4.4 ක්) දුරිනි. ‘ෆ්ලොරෙන්ස්’ ග්‍රහකය ගැන ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ පසුගිය මාස කිහිපය පුරා විමසිල්ලෙන් පසුවූහ.

කෙසේ නමුත් නාසා ආයතනය සහතික වී ඇත්තේ ග්‍රහකයෙන් පෘථිවියට හානියක් සිදු නොවනු ඇතැයි කියාය. නාසා ඇතුළු පෘථිවි තාරකා විදයාඥයන් ‘ෆ්ලොරෙන්ස්’ ග්‍රහකය පළමුවෙන්ම දුටුවේ 1981 වසරේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS