ෆයිසර් එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් එක් වී නිපදවා ඇති එන්නතට එක්සත් රාජධානියේ එනම් මහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමි ව තිබේ.
ඒ අනුව, ඇමෙරිකන් ෆයිසර් එන්නතට විදෙස් රටක අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙය වෙයි. ඉදිරියේ දී එන්නත එක්සත් රාජධානිය තුළ බෙදාහරිනු ඇති බව නිවේදනය කළේ බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සහ සමාජ සේවා අමාත්‍යාංශයයි. ඒ, ඔවුන්ගේ අනුමැතිය එන්නතට හිමිවීමෙන් පසුවය.
ලන්ඩනයේදීය (රොයිටර්)

