ළැව් ගිනි පාලනය කරන්න බෑ



ස්පාඤ්ඤයේ කැනෑරි දූපත්වලට අයත් ‘ලා පල්මා’ දූපතේ ළැව්ගිනි පාලනය කිරීමට නොහැකි බව පැවැසෙයි. නිවාස 4,000 ක් ළැව්ගිනිවලට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.

මේ වනවිට යුරෝපා රටවල් දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. යුරෝපා රටවල් රැසක ළැව් ගිනි හටගැනීමේ අවදානමක් පවතී.

‘ලා පල්මා’ දූපතේ ළැව් ගිනි පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ වියලි කාලගුණය සහ වියලි සුළං නිසා යැයි ගිනි නිවන භටයෝ පැහැදිලි කරති.

ළැව්ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන් 300 ක් යොදවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (16) වනවිට, දූපතේ හෙක්ටයාර් 4,650 ක් විනාශ වී තිබුණි.


RECOMMEND POSTS