ළැව් ගිනි නිවන්න ආධාර දෙන්නේ නෑ



කැලිෆෝනියාවේ ළැව් ගිනි වෙනුවෙන් ඇමෙරිකා මධ්‍යම රජය ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හරිනවා යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.

ජනපති ට්‍රම්ප් මෙසේ තර්ජනය කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාටය. මේ වනවිටත් කැලිෆෝනියාවේ ළැව් ගිනි පැතිර යමින් පවතී. අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මුළු මනින්ම ළැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇත.

ළැව් ගිනි කළමනාකරණය සම්බන්ධයෙන් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා වන ගැවින් නිව්සම් අසාර්ථක වී ඇතැයි ට්‍රම්ප් පෙන්වා දී ඇත. ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයෙකි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS