හොර සල්ලි අච්චුගැසූ අයෙක් කොටුවෙයි

විදේශ මුදල් නෝට්ටු සහ එමිරේට්ස් මුදල් නෝට්ටු අච්චුගැසූ ආසියාතික පුද්ගලයෙකු අබුඩාබියේ අල්-අයින් නගරයේදි අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
පුද්ගලයෙකු විසින් ටැක්සි රියදුරෙකුට එමිරේට්ස් ඩිනාර් 500ක මුදල් නෝට්ටුවක් ලබාදී ඇති අතර තමන්ට ලබාදුන් මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් සැක සිතී ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර ඇත.
අදාල පැමිණිල්ලට අනුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කල අතර මුදල් නෝට්ටු අච්චුගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
පසුව පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවස වටලා පරීක්ෂා කල අවස්ථාවේදි ව්‍යාජ මුදල් අච්චුගැසීමට යොදාගත් උපකරණ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
නීතිමය පියවර ගැනීම සදහා අත්අඩංගුවට ගත් පුද්ගලයාව පොලීසිය විසින් අදාල බලධාරීන්ට ලබාදී ඇති බව වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

