හොංකොං ක්‍රියාකාරීහු අත්අඩංගුවට



හොංකොං පාලකයන්ට එරෙහිව විරෝධතා සංවිධානය කරන ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් දෙපළ වන ජොෂුවා වොංග් සහ ඇග්නස් චෝච් අත්අඩංගුවට ගැනීමට හොංකොං පොලිසිය පියවර ගෙන ඇත.

ජොෂුවා වොංග් සහ ඇග්නස් චෝච් අද (31) දිනයේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානමින් සිටි බව පැවැසෙයි. ඊට පෙර, දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බලධාරීහු කටයුතු කළේ යැයි හොංකොං පුවත් සේවා වාර්තා කරයි.

ජොෂුවා වොංග් සහ ඇග්නස් චෝච් නියෝජනය කරන්නේ ‘ඩෙමොසිස්ටෝ’ නමැති දේශපාලන පක්ෂයයි. හොංකොං පොලිසිය දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අවස්ථා දෙකකදීය. මේ වනවිට ජොෂුවා වොංග් සහ ඇග්නස් චෝච් වොන් චායි පොලිස් මූලස්ථානයේ රඳවා ඇතැයි ද පැවැසෙයි.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS