හෙලිකොප්ටර් දෙකක් ගැටිලා



මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිටි හමුදා සාමාජිකයන් 10 දෙනෙකු මියගොස් තිබේ.

මැලේසියානු නාවික හමුදාවේ ප්‍රධාන මූලස්ථානය පිහිටි උතුරු ලුමුට් නගරයට ඉහළ අහසේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර හේතුවෙන් එක් යානයක් පිහිනුම් තටාකයක් අසලටත් අනෙක් යානය ක්‍රීඩාංගනයක් අසලටත් කඩා වැටී ඇති බවත් එරට නාවික හමුදාව ප්‍රකාශ කළේය.ක්‍රීඩාංගනයට කඩා වැටුණු යානයේ අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයන් සත් දෙනෙකු සිට ඇති බවත් පිහිනුම් තටාකය අසලට කඩා වැටුණු යානයේ හමුදා සාමාජිකයන් තිදෙනකු සිට ඇති බවත් මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.

අනතුරට හේතුව සෙවීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් පත් කරන බවත් එම විමර්ශන කණ්ඩායම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනු ඇති බවත් මැලේසියානු නාවික හමුදාව ප්‍රකාශ කළේය.දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව එක් හෙලිකොප්ටර් යානයක් පිටුපස කොටස අනෙක් හෙලිකොප්ටර් යානයේ වැදී තිබෙන බව මැලේසියානු නාවික හමුදාව පැවැසුවේය.


RECOMMEND POSTS