හෙලිකොප්ටරයක් කඩා වැටී පහක් මරුට



ඇෆ්ගන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි හමුදා නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන් පස් දෙනාම ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.

හෙලිකොප්ටරය කඩා වැටුණේ තලේබාන් ත‍්‍රස්තවාදීන් කළ ප‍්‍රහාරයකින් යැයි සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඇෆ්ගන් හමුදාව කියයි.

කෙසේ නමුත් හෙලිකොප්ටරය කඩා වැටෙද්දී, එහි නියමුවා කියා සිටියේ යානයේ තාක්ෂණික දෝෂයක් හටගත් බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS