හිරේ සිටින ඉම්රාන් ඡන්දය දමයි



පාකිස්තාන මහ මැතිවරණය අද (8) ඇරැඹිණි.  දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයෙන් සිය ඡන්දය ප්‍රකාශ කළත්, ඔහු මෙන්ම දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී, සිරදඬුවම් නියම වූ සිය බිරිඳ බුෂ්රා බීබීට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබී නැතැයි ද පැවැසෙයි.

විවිධාකාරයේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් බන්ධනාගාරගතව සිටින්නේ බරපතල වැඩ සහිතවය. චෝදනාවලට වරදකරු වී සිටින බැවින්, හිටපු ක්‍රිකට් තරුවක් ද වන 71 හැවිරිදි ඉම්රාන් ට මෙවර මැතිවරණයට සහභාගී වීමට නොහැකිය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS