හිම කුණාටුවක් වොෂින්ටනය කලඹයි



සීත සෘතුව උදාවීමත් සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට කඩා වැදුණු ප්‍රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් දෛනික කටයුතු මුළුමනින්ම ඇණහිට ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

හිම කුණාටුව සහ අධික හිම පතනය හේතුවෙන් ගුවන් තොටුපොළ වසා දැමුණු අතර, ගුවන් ගමන් 1,600 ක් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

හිම පතනය හේතුවෙන් මාර්ග සියල්ලම පාහේ අවහිර වී ඇත. දුම්රිය ගමන්වලට ද බාධා එල්ල විය. හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි නිවැසියන්ට දැනුම් දී තිබේ. ප්‍රාන්ත රැසකට විදුලි බලය අහිමි වී ඇති බවත් දහස් ගණනක් දෙනා විදුලි බලය නොමැතිව පීඩාවට පත්වී සිටින බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 

 


RECOMMEND POSTS