හිතාමතා කිවිසීම සාපරාධී ක්රියාවක්

'කොවිඩ් 19' වසංගත සමයේ, කිසිවකු හිතාමතා කිවිසුම් හරින්නේ නම් හෝ කහින්නේ නම් හෝ එය සාපරාධී ක්රියාවක් ලෙස සැලකන බව කැනඩාවේ ඇල්බර්ටා ප්රාන්ත අධිකරණයක් පවසයි.
අධිකරණය මෙසේ පැවැසුවේ, අවන්හලක සේවිකාවක් ඉදිරිපිට හිතාමතා කිවිසුම් හැරිය පුද්ගලයකු සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී තීන්දුව ලබා දෙමිනි.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම අවන්හලට පැමිණ සිටි අයකු සේවිකාව ඉදිරියේ මුඛ ආවරණය පහත් කර කිවිසුම් යවා ඇත. නඩු විභාගය පැවැත්වූයේ දුරදිග ගිය එම සිදුවීම මුල්කොට ගනිමිනි.
(ඒ.ඒෆ්.පී.)

