හිත මිතුරන්ගෙන් මුදල් සොරකම් කල ගුරුවරියකට සිරදඩුවම්



හිත මිතුරන්ගෙන් සෞදි රියාල් මිලියන 6ක මුදල් සොරකම් කරනලද ගුරුවරියක් වසර 6ක සිරදඩුවමකට සෞදි අධිකරණය මගින් යටත්කරන ලදී. 

මාස 6ක පමණ කාලයක් තිස්සේ ඇය ඇගේ යහළුවන් සහ හිතවත් ගුරුවරුන් 30ක් පමණ රවටා මෙම මුදල් ප්‍රමාණය වංචා කර ඇත.

විදේශිය සමාගමක මුදල් තැම්පත් කිරීමෙන් හොද මුදල් ප්‍රතිලාභ ලබාගත හැකි බව පවසා ඇය විසින් තම හිතවතුන්ට පවසා ඇති අතර එයින් ඇය මෙම වංචාව සදහා ඔවුන්ව පොළඹවා ඇත්තේය. 

ඇය සෞදි රියාල් මිලියන 1.8ක් මෙම සමාගමෙන් ප්‍රතිලාභ ලැබී ඇති බව පවසමින් ව්‍යාජ ලෙස සකස් කරන ලදි රිසිට් පත්ද ඔවුන්ට පෙන්වා ඇත. 

ඇයව විශ්වාස කරමින් වැඩි ප්‍රතිලාභයක් සදහා ඇය විසින් ප්‍රකාශ කරන ලද සමාගමේ ආයෝජනය කර ඇත. 

පසුව ඇය විසින් ඔවුන්ගේ හොද හිත දිනාගැනීමෙන් පසුව හැදුනුම්පත් වල ඡායාපිටපත්, බැංකු ගිණූම් වල විස්තර සහ අංකයන් ලබාගෙන ඇත. 

මෙම මුදල් සොරකම් කිරීම සදහා තම මිතුරන්, හිතවතුන් සහ බැංකුවද නොමග යැවූ බව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇය පාපොච්ඡාරණය කර ඇත.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වේ. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS