හිටපු පාප්තුමන් ස්වර්ගස්ථ වෙයි

16 වැනි බෙනඩික් හිටපු පාප්තුමන් ස්වර්ගස්ථ විය. එතුමන්ගේ වයස අවුරුදු 95 ක් බව වතිකානය කියයි.
හිටපු පාප්තුමන් පසුගිය කාලයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුනු අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ඔහුගේ සුව දුක් විමසා බැලූ බව ද වාර්තා විය.
සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව, එක් පාප්තුමකුගේ ස්වර්ගස්ථ වීමකින් පසුවය.
කෙසේ නමුත් තම සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් 16 වැනි බෙනඩික් පාප්තුමන් පාප්ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, 2013 දීය.
පාප්තුමකු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු පළමු අවස්ථාව මෙයයි. පාප් ධුරයට ෆ්‍රැන්සිස් පාප්තුමා තෝරා ගැනීම සිදුවූයේ ඉන්පසුවය.
(රොයිටර්)

