හිටපු ජනාධිපති ඔබාමා යළි ධවල මන්දිරයට



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යළි ධවල මන්දිරයට පැමිණ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඔබාමාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති ලෙස 2009 සිට 2017 තෙක් කාලයේ ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී ජෝ බයිඩන්, ඔබාමාගේ දෙවැනි එසේත් නැතිනම් උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

ඔබාමා ධවල මන්දිරයට පැමිණියේ සෞඛ්‍ය ආරක්ෂක පනතකට සිය අත්සන ලබා දීම සඳහාය. එම සෞඛ්‍ය ආරක්ෂක පනත ඔබාමා පරිපාලනය පැවැති අවදියේ දී සකස් කරන ලද්දකි.

එම අවස්ථාවේදී මාධ්‍ය හමුවකට ද ඔබාමා එක් විය. ඒ, ජනාධිපති ජෝ බයිඩන් ද සමඟය. ‘මට නම් මෙයා තවමත් මගේ උප ජනාධිපති තමයි’ යැයි හිටපු ජනාධිපති ඔබාමා, ජෝ බයිඩන් පෙන්වමින් විහිළු කිරීමට ද අමතක නොකළේය. වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ද මෙම අවස්ථාවට එක් වී සිටියාය.

(රොයිටර්)


RECOMMEND POSTS