හිටපු ජනපති හිරේ

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියැං බක්, ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු විය.
ඒ අනුව, අධිකරණය ලී මියැං බක්ට වසර 15 ක සිර දඬුවමක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 11.5 ක දඩ මුදලක් ද නියම කළේය.
76 හැවිරිදි ලී මියැං බක්ට සිය ධුර අහිමිවූයේ ද මෙම දූෂණ චෝදනා මුල්කොට ගනිමිනි.
(රොයිටර්)

