හිටපු ජනපති ට්‍රම්ප් ෆයිසර් බූස්ටරේ අරන්



ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'ෆයිසර්' බූස්ටර් එන්නත ලබා ගත් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ පටන්, එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළ ලෝක නායකයකු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ද 'කොවිඩ් 19' ආසාදිතයකු බවට පත් ව පර්යේෂණ මට්ටමේ පැවැති ඖෂධ ලබා ගනිමින් කඩිනමින් සුවය ලැබීය.

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ධවල මන්දිරයෙන් පිටවී යන අවස්ථාවේ ට්‍රම්ප් පළමු 'ෆයිසර්' එන්නත ලබා ගත් බව ධවල මන්දිරය පැවැසීය.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ට්‍රම්ප් එන්නත් ලබා ගැනීමට උනන්දු වීම මගින් ඔහුගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් බොහෝ දෙනකු ද එන්නත් ලබා ගැනීමට උනන්දු වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS