හිටපු අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු

අයථා මුදල් ගනුදෙනු සහ වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ එම චෝදනා හමුවේ වරදකරු වූ පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් අත්අඩංගුවට ගන්නැයි පාකිස්තාන අධිකරණයක් වරෙන්තු නිකුත් කළේය.
අගමැති නවාස් ෂරීෆ්ගේ මෙම අයථා මුදල් ගනුදෙනු සහ වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූයේ පැනමා පත්‍රිකා හෙළිදරව්ව මගිනි.
එල්ල වුණු එම චෝදනා හේතුවෙන්, නවාස් ෂරීෆ් අගමැති ධුරයට නුදුසුදු යැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කිරීමත් සමඟ ඔහු අගමැති ධුරයෙන් ඉවත් විය. ඒ, පසුගිය ජූලි මාසයේය.
මේ වනවිට අගමැති ෂරීෆ් ලන්ඩන් නුවරට ගොස් සිටී. ඒ බිරිඳ කල්සුම් ෂරීෆ් ද සමඟය. කල්සුම් ෂරීෆ් උගුරේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටී.
(එන්.ඩී.ටීවී.)

