හැරී-මේගන් පුතු කුමරු මාධ්‍ය හමුවට



බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය වන මේගන් මාකෙල් ඔවුන්ගේ පුත් කුමරුන් තුරුළු කර ගනිමින්  මාධ්‍ය හමුවේ පෙනී සිටියහ.

හැරී සහ මේගන් යුවල ඔවුන්ගේ පුත‍්‍රයාට නම් තබා ඇත්තේ, ආචී හැරිසන් මුව්න්ට්බැටන් වින්ඞ්සෝර් යනුවෙනි. හැරී මේගන් යුවල මේ බව අනාවරණය කළේ ඔවුන්ගේ ඉන්ටර්ග‍්‍රෑම් සමාජ ජාලය ඔස්සේය. හැරී කුමරුන්ගේ වැඩිමල් සොයුරු විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන්ගේ දරු තිදෙනාට මෙන් නොව, හැරී මේගන්ගේ පුතු ආචීට ‘කුමරු’ යන නිල නාමය හිමි නොවන බව බකිංහැම් මාලිගය පවසා ඇත.

ආචී හැරිසන් මුව්න්ට්බැටන් වින්ඞ්සෝර් හැඳින්වෙන්නේ ‘මාස්ටර්’ යනුවෙන් ගරු නාමයෙනි. මෙම ගරු නාමය පළමු ලෝක යුද සමයේ සිට රජ පවුලේ අතලොස්සකට පමණක් ලබා දුන් ගෞරව නාමයකි. හැරී සහ මේගන් අලූත් පුත් කුමරා තුරුළු කර ගනිමින් මෙසේ මාධ්‍ය හමුවේ පෙනී සිටියේ වින්ඞ්සෝර් මාලිගයේදීය. ඒ, අලූත් පුත් කුමරුන් රැුජිනට හඳුන්වා දීමට පැමිණි අවස්ථාවේදීය.

ලන්ඩනයේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS