හැමෝම දින 100 ක් මාස්ක් පලඳින්න
සෑම දෙනාම එක් වී, දින 100 ක් මුහුණු ආවරණ පැලඳ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට උත්සහ කරමු යැයි ඇමෙරිකා ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
‘හැමදාමට නොවෙයි. මා ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි නිවසින් පිටතට යනවා නම්, කරුණාකරලා මුහුණු ආවරණ පලඳින්න. දින 100 ක් පලදින්න. එසේ කළොත් අපට යම්තාක් දුරකට හෝ වයිරස ව්‍යාප්තිය අඩු කර ගන්න පුළුවන් වේවි.’ යැයි ජෝ බයිඩන් පැහැදිලි කළේය.
ජෝ බයිඩන් මෙසේ ඉල්ලා සිටියේ, සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, අත් පිරිසුදුව තබා ගැනීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම සහ මාස්ක් පැලඳීම මගින් වයිරසයෙන් ආරක්ෂා විය හැකි බව බයිඩන් සිහිපත් කළේය.
තවමත් ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. මේවනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 14,535,196 කි. මරණ වාර්තා වූයේ 2,82,829 ක් ලෙසය.
මේ අතර ලබන 11 වැනිදා වනවිට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් විසින් නිපදවනු ලැබ ඇති ‘කොවිඞ් 19’ ආසාදනය වළක්වන එන්නත් ඇමෙරිකානුවන්ට ලබා දීමට එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය මේවනවිටත් හිමිවී ඇත. ‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ, ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සමඟ හවුලේය. ඒ සඳහා ඇමෙරිකන් රජයේ අනුග්‍රහය හිමිවිය. ‘ෆයිසර්’ සහ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම් එක් කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනයයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

