හමුදා සුනඛයාට ට්‍රම්ප්ගෙන් පැසැසුම්



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමට සම්බන්ධ වූ ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් හමුදා බලඇණියේ කොනාන් නමැති නිල සුනඛයා මාධ්‍යවේදීන්ට හඳුන්වා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

කොනාන් මාධ්‍යවේදීන්ට හඳුන්වා දීම සිදුවූයේ ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදීය. මෙම අවස්ථාවට ජනපති ට්‍රම්ප් සමඟ උප ජනාධිපති මයික් පෙන්ස්, කොනාන්ගේ පුහුණුකරු සහ ජනපති ආර්යාව මෙලිනියා ද සහභාගී වූහ.

විශේෂ මාධ්‍ය හමුවක් රෝස උද්‍යානයේ පැවැත්වෙන බව මාධ්‍ය ආයතනවලට දන්වා තිබුණු නමුත්, ඒ කුමක් ගැනදැයි මාධ්‍යවේදීන්ට පෙර දැනුම් දී නොතිබුණි. එහෙයින්, කොනාන් නිල සුනඛයා දැකීමෙන් මාධ්‍යවේදීන් පුදුමයට පත් වුණු බව ද පැවැසෙයි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා, ඇමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සොල්දාදුවන්, අයි.එස්. නායක අල් බැග්ඩෑඩි කොටු කර ගත්තේ සිරියාවේ නිවසක සැඟවී සිටිද්දීය.

ඇමෙරිකන් හමුදා පහර දෙද්දී බැග්ඩෑඩි, නිවසේ උමං මාර්ගයක සැඟවිණි. බැග්ඩෑඩි සොයාගොස් ඔහු යටත් කර ගැනීමට කොනාන් සමත් විය. එම අවස්ථාවේදී බැග්ඩෑඩි මියගියේ ඔහුගෝ බෝම්බ කබාය පුපුරුවා ගනිමිනි. එයින් කොනාන් බරතල ලෙස තුවාල ලැබුවේය. කොනාන් ධවල මන්දිරයට පැමිණ සිටියේ තුවාල සුව වීමෙන් පසුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS