හජ්ජ් වන්දනාකරුවන්ට උපරිම ආරක්ෂාව

රියාද් (සවුදි අරාබිය)
මෙවර වන්දනාකරුවන්ට උපරිම ආරක්ෂාව සැලසිම සඳහා ආරක්ෂක නිලධාරින් 17000ක් සහ වාහන 3000ක් යොදවා ඇතැයි සිවිල් ආරක්ෂක අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් හමාද් බින් අබ්දුල්ලාසිස් අල් මුබද්දාල් පැවසීය. ඔහු මේ බව ප්රකාශ කළේ මක්කමදී ැපැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
හජ්ජ් ව්නදනා සමයේ සිදුවියහැකි ඕනෑම හදිසි අවස්ථාවකට හා අපහසුතාවකට මුහුණ දීම සඳහා සැලසුම් සකස්කර ඇති බවත් මක්කමට හා මදීනාවලට පැමිණෙන වන්දනාකරුවන්ට උපරිම ආරක්ෂාව සැලසීම සඳහා සියල්ල සූදානම්ව තබා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
සිවිල් ආරක්ෂක අංශය විසින් සකස් කරන ලද මෙම සැලසුමට රාජ්ය ආයතන 35ක් සම්බන්ධ වන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
පසුගිය සතියේදී මක්කම නගරයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පුද්ගලයන් බෙරා ගැනීම, ගිනි නිවිම සහ මක්කම රෝහලේ ආරක්ෂාව පවත්වාගෙන යාම ුආදී කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක නිරත විය.

