හජ් සැමරුම අද



ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරණ හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ වෙයි.

ඊබ්‍රාහිම් නබිතුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවය.

සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ලෝකවාසී සියලු මනුෂ්‍යන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබදව හැගීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා මහඟු පණිවිඩයක් ලබා දෙන බවය.

ලොව පුරා සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්වී මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙහිදී සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් 05 වැන්න ලෙස සැලකෙන හජ් වන්දනාව තුළින් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ භක්තිය සහ විශ්වාසය නැවත නැවතත් තහවුරු කිරීමක් සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.


RECOMMEND POSTS