හජ් උත්සවය අද



ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට  (ජූනි 29)  යෙදී තිබේ

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වෙයි.

ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම බව ද පැවැසෙයි.

නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාවය.

එසේ වුවත් කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු අද දින එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය.


RECOMMEND POSTS