සෞදියේදී ශ්‍රී ලාංකික කතක් මිය යාම ගැන ඉහළ මට්ටමින් පරීක්ෂණ



 

සෞදි අරාබියේ රැඳවුම් කඳවුරක සිටිය දී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

රියාද් හි පිහිටි ඔලෙයියා කාන්තා සුබසාධන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටිය දී මියගිය ලාංකික තරුණිය  සුබ්‍රමනියම් පලනියණ්ඩි කට්බගවල්ල ලෙස හදුනාෙගන අැති අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් මේ වනවිටත් අදාළ රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙන බවද එම තානාපති කාර්යාලය කියය.

ගෘහසේවය ඇතුළු විවිධ රැකියාවන් සඳහා සෞදි අරාබියාවට ගිය පසු රැකියා ස්ථානවල දී මුහුණදීමට සිදුවන විවිධ හිංසා හේතුවෙන් රැකියා ස්ථානවලින් පළාගොස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට අපේක්ෂාවෙන් මෙම රැඳවුම් කඳවුර වෙත යොමුකරන අතර මේ වනවිට අදාළ කඳවුරේ ශ්‍රී ලාංකික කාන්තාවන් 80ක් පමණ රැඳී සිටින බවද ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

එම කාන්තාව ගෘහ සේවය සඳහා සෞදි අරාබියට පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 8 දා වන අතර ඉකුත් නොවැම්බර් පළමු වෙනිදා සුබසාධන මධ්‍යස්ථානයේ දී ඇය මියගිය බව වාර්තා වූවාය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඒ බව දැනුම් දී තිබෙන අතර අදාළ රැඳවුම් කඳවුරට පැමිණෙන විට මානසික ව්‍යාකූල තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බවද අනාවරණ වී තිබේ.

මුල් සේවා ස්ථානයෙන් ඉවත්ව වෙනත් නිවසක රැකියාවට ගිය ද එම නිවැසියන් නිතර පහර දෙමින්, ගිනියම් යකඩ කූරුවලින් තමාව පුළුස්සන බවද එහි රැකියාව කළ නොහැකි බවද ඇය පවුලේ ඥාතීන් වෙත මීට පෙර දන්වා තිබේ. මස්කෙලිය, සාමිමිලේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මෘත දේහය මේ වනවිට එරට රෝහලක තැන්පත් කර තිබෙන අතර එය කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇයගේ ඥාතීන් ඉල්ලීමක් කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS