සෞදියේ බංග්ලාදේශ සේවකයාට වටිනා රන් මාලයක් තෑගි ලැබිලා



සෞදි අරාබියේ රැකියාව කරන බංග්ලාදේශ ජාතික පිරිසුදු කිරීමේ සේවකයකු ගැන පසුගිය දිනවල ට්විටර් සමාජ ජාලය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්විය.
ට්විටර් හරහා පළ වූයේ, 65 හැවිරිදි නසේර් අල් ඉස්ලාම් අබ්දුල් කරීම් නමැති මෙම පිරිසුදු කිරීමේ සේවකයා, ස්වර්ණාභරණ වෙළෙඳ සැළක පිටත ජනෙල් වීදුරුවෙන් ඇතුළේ ප්‍රදර්ශවයට තබා ඇති ස්වර්ණාභරණ නරඹමින් සිටින ඡායාරූපයකි.
එයට බොහෝ දෙනා අදහස් (කමෙන්ට්) සටහන් කර තිබුණේ ‘මේ හාදයාට ස්වර්ණාභරණ ලැබෙන්නේ නැහැ. මෙයාට හරියන්නේ කැත කුණු විතරයි’ යනුවෙනි.


නසේර් ගැන මේ අයුරින් 600 කට වැඩි අපහාස කතා පළ වෙද්දී සෟදියේ මානව ක්‍රියාකාරියකු වන අබ්දු්ලා අල් කහ්තානී,  නසේර් අල් ඉස්ලාම් අබ්දුල් සිටින තැනත්, ඡායාරූපයේ ඇති ස්වර්ණාභරණ වෙළෙඳසැළත් සොයා ගත්තේය. ඒ සඳහා අබ්දු්ලා අල් කහ්තානීට මහත් පරිශ්‍රමයක් දැරීමට ද සිදුවිය.
අබ්දු්ලා අල් කහ්තානී ප්‍රමුඛ තවත් පරිත්‍යාගශීලීන් පිරිසක් එක් වී, නසේර් අල් ඉස්ලාම් අබ්දුල් ඔහු කැමැති රන් මාලයක් ඔහුට මිලදී ගෙන දී ඇත.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS