සෞදි සැමියා කුවේට් බිරිදට වෙඩි තබයි



සෞදි සැමියකු තම කුවේට් බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් සෞදි අරාබියේ අල්-ජාරාහ් නගරයෙන් වාර්තා වේ. 

දෙදෙනා අතර පැවති බහින්බසිවීමක් දුරදිග යෑමෙන් සැමියා අධික ලෙස කෝපයට පත්වී ඇති අතර නිවසේ සගවා තිබු පිස්තෝලය රැගෙන පනස් දෙහැවිරිදි බිරිදගේ හිසට තුන්වතාවක් වෙඩිතබා ඇත.

වෙඩි තැබීමෙන් අනතුරුව සැමියා පොලීසියට ගොස් භාරවී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර සාක්ෂි ගොනු කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS