සෞදි විදෙස් ඇමැති ඉස්ලාමීය කෞතුකාගාරයේ

සෞදි විදේශ ඇමති, ඇඩෙල් බින් අහමඩ් අල් ජුබීර් දෝහා රාජ්‍යයේ පිහිටි ඉස්ලාමීය කලා කෞතුකාගාරයෙහි සංචාරයක නිරත වු බව කටර් ප්රවෘත්ති එජන්සිය වාර්තා කළේය.
සෞදි විදේශ ඇමති සමඟ කටාර් විදේශ අමාත්‍ය, ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සහ කෞතුකාගාරයේ ප්‍රධාන විධායක නිලධාරී, මන්සූර් බින් ඉබ්රාහිම් අල් මහමුද් කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාවට සහභාගි වුහ.
දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාර සතුව ඇති කලාව එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලාව එකතු වලින් එකක් වන අතර ලෝහ, පිඟන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසි වලින් යුත් භාණ්ඩ එකතුවක් ඇත.
වාර්ෂිකව කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සඳහා සිය දහස් ගණනක් සංචාරකයින් පැමිණෙති.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

