සෞදි රජු ඉරානය ගැන ට්‍රම්ප් එක්ක කතා කරලා



ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සෞදියේ සල්මාන් රජුට දුරකතන ඇමැතුමක් දී ඇති බවත්, එම අවස්ථාවේදී දෙදෙනා අතර ඉරානය සම්න්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බවත් සෞදි පුවත් සේවා පවසයි.

සෞදි රජු සහ ඇමෙරිකාවේ නව ජනපති අතරේ සාකච්ඡාවට භාජන වුණු කරුණු මෙතෙක් ප්‍රසිද්ධියට පත්වී නැතැයි මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි. කෙසේ නමුත් ගෝලීය ත්‍රස්තවාදය යන මාතෘකාව යටතේ දෙදෙනා අතරේ කතාබහ සිදුවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS