සෞදි පොලිස් නිලධාරීන්ට වෙඩි: දෙදෙනෙක් මරුට



සෞදි අරාබියේ දම්මාන් නුවර වීදි සංචාරයේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකට ඉකුත් දා වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

අල් අරාබියා පුවත් සේවය පවසන්නේ පොලිස් රථයකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට වෙඩි තැබුවේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවය. ප්‍රහාරයේ වගකීම ද කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නොමැත.

වෙඩි තැබීමෙන් පොලිස් රථයේ සිටි නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සෞදි අරාබියේ ආරක්ෂක අංශ සහ ෂියා මුස්ලිම් සුළුතරය ඉලක්ක කර ගනිමින් පසුගිය කාලය පුරාවට වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞදි ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.


RECOMMEND POSTS