සෞදි තෙල් පිරිපහදුවේ ගින්නෙන් 2ක් මරුට

සෞදි අරාබියේ අල්වාසී පළාතේ පිහිටුවා ඇති එරට අරම්කෝ කෙල් පිරිපහදුවේ පසුගිය 20 වැනිදා හටගත් ගින්නෙන් සේවකයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ.
ගින්නෙන් තුවාල ලැබූ ගණන 16 කි. ගින්න නිවා දැමීමට ගිනි නිවන බලධාරීන්ට මහත් පරිශ්රමයක් දැරීමට සිදුවුණැයි ද වාර්තා වේ. පසුගිය සැප්තැම්බරයේ ද මේ අයුරින්ම මෙම තෙල් පිරිපහදු කම්හලේ ගින්නක් හටගත්තේය. එයින් සේවකයෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

