සෞදි ගැටවරියක ජර්මනියේදී අතුරුදහන්

වසය අවුරුදු 19ක ගැහැනු ළමයෙකු දකුණු දිග ජර්මනියේ නගරයක් වු බොන් හිදි පසුගිය සඳුදා (අප්‍රේල්03) අතුරුදහන් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
හිජාබ් වර්ගයේ ඇඳුමකින් සැරසී පවුලේ සාමාජිකයින් සමග පාසල් නිවාඩුව ගත කිරීම සදහා ජර්මනිය සහ අනිකුත් යුරෝපීය රටවල් වල සංචාරය කර ඇති බව වාර්තා වේ.
බොන් නගරයේ පිහිටා ඇති තරුපහේ හෝටලයක රැදී සිට ඇති අතර සවස 6ට පමණ ක්‍රීඩා පුහුණුවීම් කිරීම සදහා පොකුණක් අසලට යෑම සදහා ඇය හෝටලයෙන් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේදි අතුරුදහන් වී ඇත.
සෞදි තානාපති කාර්යාලයට සහ ජර්මනි පොලීසියට පවුලේ සාමාජිකයින් දැණුම්දී ඇති අතර දරුවා සෙවීම සදහා ජර්මන් පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වෙබ් අඩවිය සදහන් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

