සෞදි කුමරකුට මරන දඬුවම



(රොයිටර්)
සෞදි අරාබියේ අමාත්‍ය ධුරයක් ද දරණ එරට රජ පවුලට අයත් තර්කි බින් සෞද් අප් කබීර් කුමරුට අද (19) රියාද් නුවරදී මරණ දඬුවම හිමිවිය.
මොහු මීට වසර 3 කට පෙර, බහින්බස් වීමකදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කළේය. ඊට වරදකරු වීමෙන් පසු, කුමරාගේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණැයි එරට පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
කුමරා අතින් ඝාතනය වූ පුද්ගලයාගේ පවුලේ අය වන්දි මුදල් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් ඉල්ලා ඇත්තේ කුමරාට මරණ දඬුවම ලබා දෙන ලෙසටය.
සෞදි රජ පවුලේ සාමාජිකයකුට මරණ දඬුවම හිමිවන්නේත්, එය ක්‍රියාත්මක වන්නේත් ඉතා කලාතුරකිනි. අවසන් වරට රජ පවුලේ සාමාජිකයකුට මරණ දඬුවම හිමිවූයේ 1975 වසරේදීය.

RECOMMEND POSTS