සෞදි කාන්තාවන්ට ඔසුසැල් රැකියා ළඟදිම

සෞදි අරාබියේ කාන්තාවන්ට එරට සාප්පු සංකීර්ණ තුළ පිහිටි ඖෂධ හා ආයුර්වේද අලෙවි සැල් වල රැකියාවේ නිරත වීමට සෞදි රජය විසින් ළගදීම ඉඩදෙනු ඇතැයි ඉකුත් ඉරිදා (06) වාර්තාවිය.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම රැකියාවන් හි නියුතු වීමට කැමැති සෞදි කාන්තාවන්ට විශේෂ බලපත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව එම ඖෂධ සැල් , ආයුර්වේද ගබඩා සහ ඇස් කණ්නාඩි අලෙවි සැල් වල සේවය කිරීමට අවසරය ලබා දීම සිදු කෙරේ.
මෙම අවසරය දුන්නද පිරිමින් සහිත කාර්ය මණ්ඩලයකින් යුතු අලෙවි සැල් වල සේවය කිරීමට සෞදි කතුන් කටයුතු නොකරනු ඇතැයිද පැවසේ.කෙසේ වෙතත් එරට කතුන්ට රැකියාවේ නිරතවිය හැකි පරිසරය සම්බන්ධයෙන් හා එහි ඇති ආරක්ෂිත භාවය ගැන සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය හා කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය විසින් තවදුරටත් අධීක්ෂණය කරමින් සිටින බවද සදහන් වේ.
සාමාන්‍යයෙන් සෞදිය කාන්තාවට ඔවුන් ගේ උපතේ සිට, අධ්‍යාපනය , රැකියාව ,විවාහය යන කාරණා වලදී සහ සංචාරය කිරීමේදී පවුලේ සියලු පිරිමි පාර්ශවයන්ගේ අවසරය ලබා ගත යුතු බවට නීතිය පනවා තිබෙන අතර පිරිමි පාර්ශවයේ අවසරය ඇත්නම් රැකියාවක් ඛල හැකි බවට අවසරය හිමි වූයේ 2008 වසරේදීය.
ජෙඩා හි කර්මාන්ත හා වෙළද වානිජ මන්ඩලයේ හිටපු සාමාජිකාවක් වන අයීෂා නාටෝ සෞදි රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඇස් කණ්නාඩි අලෙව සැල් වලට පිරිමින් පමණක් සේවකයින් ලෙස යොදා ගැනීම ගැන තමන් මුල සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට විරුද්ධත්වය පළ කළ බවය.සෞදි විශ්වවිද්‍යාලයෙන් කතුන් 60 අක්ෂි විද්‍යාව පිළිබද උපාධිය සමත් වන විට ඊට සාපේක්ෂව පිරිමි උපාධිධාරීන් බිහිවී ඇත්තේ අට දෙනෙකු පමණයි.
මම රටේ ආගමික හෝ සංස්කෘතික නීති රෙගුලාසි විවේචනය කරන්නේ නැහැ.නමුත් රටේ කාන්තාවන්ගේ රැකියා නියුක්තිය වර්ධනය කළ යුතු කාලය එළැඹිලා.එය රටේ විරැකියා ගැටලුවට පිළියමක් වෙයි කියලා මම හිතනවා යැයිද අයීෂා පැවසුවාය.
( තිළිණි ද සිල්වා )
සවුදි ගැසට් ඇසුරෙනි .........

