සෞදි අරාබියේදී අතුරුදන්

(විනීතා එම් ගමගේ)
සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටිය දී තොරතුරක් නොමැති බවට වාර්තා වී ඇති කාන්තාවන් 11 දෙනෙක් හා එක් පිරිමි අයෙක් පිළිබඳව පවුලේ සාමාජිකයින් කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් කටයුතු සොයාබැලීමට සෞදි තානාපති කාර්යාලයට අවශ්‍යවී ඇති බැවින් මහජනසහය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් කාර්යංශය ඉල්ලා සිටී.
1. එස් රාසයියා මිය.- දාරුස්සලම් බාරේ, බසාර් පල්ලිය මුතුර් 04.
2. පී සුරිය කුමාරි මිය. අම්පිලන්තුරෙයි බටහිර, කොක්අඩිචෝලෙයි
3 ජී සුනේත්‍රා පොඩි මැණිකේ මිය, අංක. 33/1, රේන්දපොල, උලපනේ,
4 එච්.ඩී.නිරෝෂා නිලන්ති ගුණතිලක මිය, ඇතව වේගොල්ලාගම, අවුලේගම
5.කේ ක්රීෂ්ණවානි මිය. අපුගලන්දවත්ත, කවුඩුපැලැල්ල, මාතලේ.
6. යූ.ජී.එස්.මල්කාන්ති මිය,ූ අක්කර 20,ගලපිටමුල්ල, හිඳගොල්ල, කුරුණෑගල
7. එම් රාසලෙච්්චමී. 4/13, වැව පාර, මඩුකැලේ මහනුවර.
8. එස් කමලානි, 23, මාපිටිගම වත්ත, අමිතිරගල.
9. එම් ටී රම්සා මිය. 120/2, මලයාර් පාර, විලිනියඩි 1, සමන්තුරෙයි
10. එම් පී පුෂ්පරාණි මිය, 57, ශාන්තිපුර, නුවරඑළිය.
11. කේ එම් ධනවතී, 53, බොරමඩ, හාලිඇල, බදුල්ල.
12. වී සෙල්ලරාසා මහතා, මාකිලඩිතිවු, කොක්කඩිචෝලෙයි, මඩකලපුව


