සෞදි අගනුවර ජනගහනය මිලියන 8 ඉක්මවයි

සෞදි අගනුවර ජනගහනය මිලියන 8 ඉක්මවා ඇති අතර එය මේ වනවිට පුද්ගලයින් 8,002,100 දක්වා වැඩිවී ඇත.
මෙහි ජීවත්වන පිරිසෙන් භාගයකට වැඩි පිරිසක් සෞදි ජාතිකයන් වන අතර එය පුද්ගලයින් 4,579,570ක් වන බව සංඛ්‍යාලේඛන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා දත්තවලට අනුව පැහැදිලි වේ.
සෞදි ජාතිකයින්ගේ ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් විදේශිකයින්ද මෙහි ජීවත් වෙයි.
එය සංඛ්යාවත්මකව 3,422,530ක් වන බව අල්-රියාද් අරබික් ප්රවෘත්ති පත්‍රය මගින් නිකුත් කරන ලද වාර්ථාවකින් පෙන්වාදෙනු ලබයි.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

