සෝමාලියාවට මහ වැසි: ජල ගැලීම්: 50 ක් මියයති



අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාවට මහ වැසි ඇදහැලෙයි. මහ වැසි හේතුවෙන් පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි පැවැසෙයි. මියගිය ගණන 50 ක් බවත්, උන්හිටිතැන් අහිමි වුණු ගණන ලක්ෂ 7 ක් බවත් සෝමාලියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සෝමාලියාව, ආර්ථික සහ දේශපාලනික අර්බුදවලින් හෙම්බත් වුණු අප්‍රිකා රාජ්‍යයකි. විපතට පත්වුණු වැසියන්ට කඩිනමින් ආදාර අවශන්‍ නමුත්, ආධාර ලබා දීම ගැටලුවක් වී ඇතැයි සෝමාලියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සෝමාලියාවට මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය නොවැම්බර් 23 වැනිදා සිටය. ලොව සෙසු රටවලට මෙන්ම සෝමාලියාව ද විපරිත කාලගුණයෙන් බැටකයි. එම විපරිත කාලගුණයට හේතුව ‘එල් නීනෝ’ කාලගුණික පෙරැළි යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.


RECOMMEND POSTS