සෙලෙන්ස්කී මෝදිට ලියලා



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා තිබේ. ඒ, යුක්රේනයේ මානුෂීය මෙහෙයුම් සඳහා ඉන්දියාවේ සහාය දිගින් දිගටම අවශ්‍ය බව අවධාරණය කරමිණි.

මේ වනවිට යුක්රේනයේ නියෝජ්‍ය විදේශ ඇමැතිනී එමීන් සපරෝවා ඉන්දියාවට පැමිණ සිටින්නීය. ඒ සිවු දින නිල සංචාරයක් සඳහාය. එම සංචාරයේ ද අරමුණ වී ඇත්තේ රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනයට ඉන්දියාවේ සහාය ලබා ගැනීමය.

ලබන මැයි මාසයේ ‘ජී20’ සමුළුව ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර තමන් ඊට ද සහභාගී වන බව සෙලෙන්ස්කී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දැනුම් දී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS