සෙලෙන්ස්කී නමින් පොසිලයක් නම් කරලා

වසර මිලියන 150 කට පෙර සාගරයේ ජීවත් වූ පසැගිල්ලෙක් වැනි අපෘෂ්ඨවංශී සත්වයකුගේ පොසිලයක්, යුක්රේන ජනාධිපතිවරයාගේ නමින් නම් කිරීමට එම පොසිලය සොයා ගත් පෝලන්ත ජාතික පොසිල විද්‍යාඥ කණ්ඩායම පියවර ගෙන තිබේ.
විද්‍යාඥයන්ට මෙම පොසිලය හමුවී ඇත්තේ අප්‍රිකාවේ ඉතියෝපියාවේ හුණුගල් පර අතරේය. මෙම පොසිලය මෙතෙක් හමු නොවුණු සාගර ජීවියකුගේ යැයි පැවැසෙයි.
පොසිලය සොයා ගත් විද්‍යාඥ කණ්ඩායම පොසිලය නම් කර ඇත්තේ Ausichicrinites zelenskyyi යනුවෙනි. Ausichicrinites zelenskyyi නමැති මෙම සත්වයාට බූවල්ලකුගේ මෙන් අඩු තිබුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

