සෙලෙන්ස්කී ඝාතනයට ආ කල්ලිය

දෙරට අතර සාම කතා පැවැත්වෙද්දී පවා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට රුසියාව සැරැසෙන බව වාර්තා වේ. යුක්රේන ජනාධිපතිවරයා ඝාතනයට රුසියාවේ ‘වැග්නර්’ කණ්ඩායමේ සාමාජිකයන් යුක්රේනයට පැමිණ ඇතැයි ද පැවැසෙයි.
‘වැග්නර්’ කණ්ඩායමේ යනු රුසියාවේ ක්රියාත්මක කුලී හේවා කණ්ඩායම් එක් වී පිහිටුවාගත් ජාලයයි. සිරියානු සිවිල් යුද්ධය පැවැති අවස්ථාවේදී, සිරියානු ජනාධිපති අසාද් සහ සිරියානු රජයට සහාය දක්වමින්, විපක්ෂ සන්නද්ධ ක්රියාකාරීන් සමග සටනට ගියේ ද මෙම වැග්නර් කුලී කණ්ඩායමය.
වැග්නර් කණ්ඩායමේ කුලී හේවායන්ට අමතරව, චෙච්නියානු හමුදා බලඇණියක් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඝාතනය සඳහා යුක්රේනයට පැමිණ සිටින බව ද පැවැසෙයි.
රුසියාවට යටත්වීම ප්රතික්ෂේප කරමින් යුක්රේන හමුදා රුසියන් හමුදාවට දිගින් දිගටම පහර දෙයි. යුක්රේන සිවිල් වැසියන් ද අවි අතට ගනිමින්, රුසියන් හමුදාවට ගරිල්ලා ප්රහාර එල්ල කරන බව ද පැවැසෙයි. නිල නොවන වාර්තා අනුව, මේ වනවිට යුක්රේන හමුදා ප්රහාරවලින් රුසියන් සෙබළුන් 10000 ක් මියගොස් ඇති බවත් 17000 ක් තුවාල ලබා ඇති බවත් පැවැසෙයි
(රොයිටර්)

