සෙබළු 31,000 ක් මැරිලා



රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ කීවේ, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පැවැති විශේෂ සැමරුමකට සහභාගී වෙමිනි. යුක්රේනයට සහාය පළ කරන යුරෝපා රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ කීප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බටහිර රටවල සහාය ලැබෙන්නේ නම්, රුසියන් හමුදා පරාජය කිරීමට තමන්ට ශක්තිය ඇතැයි ද සෙලෙන්ස්කී අවධාරණය කළේ එම රටවලට ස්තුති කරමිණි.

යුක්රේන ජාතිකයන් කෙදිනකවත් උත්සාහය අත් නොහරින බවත් කෙසේ හෝ රුසියානු හමුදාව පරාජයට පත්කර යුද්ධය ජයග්‍රහණය කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි එම අවස්ථාවේදී පැහැදිලි කළේය.


RECOMMEND POSTS