සෙනසුරාදා ලෙඞ්ඩු බලන භූතානයේ අගමැති



භූතානයේ අගමැති ධුරයට පත්, වෛද්‍ය ලොටෙයි ෂෙරිංග් මේ වනවිට විදෙස් මාධ්‍යවල අවදානයට ලක් වී සිටී. ඒ, ඔහු සෑම සෙනසුරාදා දිනකම අගමැති රාජකාරිවලින් බැහැර වී, වෛද්‍ය කටයුතුවල නියැලීමය.

භූතාන අගමැති ධුරයට පත් ලොටෙයි ෂෙරිංග්, භූතානයේ ‘ජිග්මේ දෝර්ජී වංග්චක්’ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු වසර 11 ක් ජාතික රෝහලේ මෞත්‍රලිංගික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අයෙකි.

‘අගමැති රාජකාරි ලේසි නැහැ. වෙලාවකට ලොකු පීඩනයක්. ඒ පීඩනයෙන් මිදෙන්න මම සැත්කම් කරනවා. සෑම සෙනසුරාදා දිනයක්ම ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා’ යැයි 50 හැවිරිදි අගමැති වෛද්‍ය ෂෙරිංග් පැහැදිලි කරයි.

ලොව සතුටුම ජනතාව වෙසෙන රාජ්‍යය ලෙස භූතානය සැලකෙයි. සාර්ක් කලාපයට අයත් රටක් වන හිමාල අඩවියේ පිහිටි භූතානය බෞද්ධ රාජ්‍යයකි. 2017 ලෝක බැංකු වාර්තා අනුව භූතානයේ ජනගහනය 8,07,610 කි. භූතානයේ අගනුවර වන්නේ තිමිපුය.

තිම්පූහිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS