සූකර උණ වසංගතයක්: පුටින් බංකරයක හැංගිලා

රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ක්‍රෙම්ලීනයේ, ‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බංකරයක සැඟවී සිය රාජකාරිවල නියැලෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
‘එච්1එන්1’ හෙවත් ‘සූකර උණ’ වයිරස සැලකෙන්නේ ද ඉන්ෆුවෙන්සා වයිරස තත්ත්වයක් ලෙසය. ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට ‘එච්1එන්1’ මාරක වෙයි.
දෙසැම්බර් ශීත කාලයේ රුසියාවේ ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය බහුලය. කෙසේ නමුත් මේ වනවිට එරට ව්‍යාප්ත වන ‘එච්1එන්1’ වයිරස ප්‍රභේදය දරුණු ස්වරූපයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු පැහැදිලි කරති.
මේ වනවිට මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුටත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් බොහෝ දෙනකුටත් ‘එච්1එන්1’ වයිරසය ආසාදනය වී ඇත.
මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ජනාධිපති පුටින්ට එලැඹෙන නව වසර ගත කිරීමට සිදුවනු ඇත්තේ එම බංකරයේය. රුසියන් ජනාධිපති පුටින්ගේ ආරක්ෂාවට ඉදි කර ඇති එම බංකරය සියලු පහසුකම්වලින් සමන්විතය.
රුසියන් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මානව යහපැවැත්ම පිළිබඳ නිරීක්ෂණ ෆෙඩරල් ආයතනයේ ප්‍රධානී ඇනා පොපෝවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ ‘එච්1එන්1’ වයිරසයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවය.
‘කොවිඞ් 19’ වයිර වසංගතයෙන් ආරක්ෂාවීමට කළ අයුරින් මුහුණු ආවරණ පැලඳීමෙන් සහ දෑත් පිරිසුදුව තබා ගැනීමෙන් ‘එච්1එන්1’ ව්‍යාප්තියෙන් ආරක්ෂා විය හැකි බව ද ඇනා පොපෝවේ එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

