සුරතල් සතුන්ට ‘වඳුරු උණ’ පැතිරීම ගැන විමසිලිමත්



ප්‍රංශයේ පැරිස් අගනුවර, ‘ග්‍රේ හවුන්ඩ්’ වර්ගයේ සුරතල් බල්ලකුට ‘වඳුරු උණ’ වයිරසය ආසාදනය වීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

‘වඳුරු උණ’ වයිරසය මනුෂ්‍ය ආසාදිතයකුගෙන් සතකුට ව්‍යාප්ත වුණු පළමු අවස්ථාව මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන විමසිලිමත් වන්නේ මනුෂ්‍යයන්ගෙන් සුරතල් සතුන්ට ආසාදනය වන වයිරසය යළි සුරතල් සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වුවහොත් එය බිහිසුණු විකෘති ස්වරූපයක් ගනු ඇතැයි අනුමාන කිරීමෙනි.

ප්‍රංශයේ ‘වඳුරු උණ’ ආසාදිත බල්ලාගේ හිමිකරුවන් සමලිංගික පිරිමි යුවළකි. ඔවුන් දෙදෙනාටම වයිරසය ආසාදනය වී ඇත. ඇමෙරිකන් වෛද්‍යවරුන් පවසන ආකාරයට, ‘වඳුරු උණ’ සමලිංගික පිරිමින් අතරේ වැඩිපුර ව්‍යාප්ත වන වයිරසයකි.

(රොයිටර්)


RECOMMEND POSTS