සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක්



හමුදා කුමන්ත්‍රණයකින් පසු, සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කළහ.

වසර ගණනාවක් සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ඕමාර් අල් බෂීර්ය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළ නමුත් සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් හෝ එම දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වන සුඩාන වැසියන් හෝ ඕමාර් අල් බෂීර්ගේ එම ජයග්‍රහණය පිළිගත්තේ නැත.

දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී, පාලක මණ්ඩලයකට බලය පවරා දී ඕමාර් අල් බෂීර් ධුරයෙන් ඉවත් විය. 2023 වසරේ යළි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම ස්වාධීන පාලක මණ්ඩලය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවිණි.

ඊට අමතරව හදිසි නීතිය ක්‍රියාවට නංවමින්, ස්වාධීන පාලක මණ්ඩලය විසුරුවා හැරීමට ද සුඩාන හමුදාව පියවර ගත් බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS