සුඩානයෙන් විදේශිකයන් ඉවත් කෙරේ



සුඩානයේ පවතින අඛන්ඩ ගැටුම් හේතුවෙන් තම රාජතාන්ත්‍රිකයන් සහ පුරවැසියන් ගුවනින් ඉවත් කරගැනීම කෙරෙහි විදෙස් රටවල් අවධානය යොමු වී ඇත.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව, ප්‍රංශය සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙසේ ඉවත්කරගැනීමට සහය දීමට සුඩාන හමුදා රජය එකඟවී ඇති බවයි විදෙස් වාර්තා කරයි.

ඊට අමතරව, සෞදි රජයේ මැදිහත්වීමෙන් 150කට වැඩි පිරිසක් ඉවත් කර ගත් බවත් වාර්තා වේ.

එම පිරිස අතර කටාර්, පාකිස්තාන, එක්සත් අරාබි එමීර් රජ්‍යයේ රාජාතාන්ත්‍රිකයින් විශාල පිරිසක් සිටින බව සඳහන්.

සුඩානයේ හමුදා රජය සහ ආර්.එස්.එෆ්. අතිරේක හමුදා බලඇණිය අතර මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති අතර, ගතවූ කාලයේ සිවිල් වැසියන් ඇතුලු 400කට අධික පිරිසක් මියගොස් 3,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පැවැසෙයි.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS