සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ හදිසි තත්ත්වයක්



පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙන්, සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට, එරට ජනාධිපති වේවල් රාම්කලවන් පියවර ගෙන තිබේ.

පිපිරුමෙන්, 100 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් බොහෝ දෙනකු තුවාල ලබා සිටින බවත් සීෂෙල්ස් මාධ්‍ය වාර්තා කර ඇත.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, පාසල් සහ කාර්යාල සියල්ල වසා දැමුණි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වෙයි. පුපුරණ ද්‍රව්‍ය ගබඩාව පිපිරීමෙන් සිදුවුණු හානිය අතිමහත් බව ද පැවැසෙයි.

ඉන්දීය සාගරයට අයත් සීෂෙල්ස් දූපත් රාජ්‍යය අතීතයේ බ්‍රිතාන්‍ය කොලනියක් විය. ලෝක බැංකු වාර්තා අනුව, සීෂෙල්ස් ජනගහනය 1,00,000 කි.


RECOMMEND POSTS